Sunday, September 23, 2012

hello guys
this links for only u ........... u can rich buy website, dating website , established website for sale, buy websites click this links ....... now happy life for u.. every day you can make money with this... ok.. guys good bye..........................................
buy a website dating websites established websites for sale buy websites

Saturday, September 8, 2012

September 9, 2012 at 3:26 am | Lanka C News.

අනවසර උපුටාගැනීම් සහිත වෙබ් අඩවි ගූගල් සෙවුම් යන්ත‍්‍රයෙන් පහල දැමේ අනවසරයෙන් ගීත චිත්‍රපට ආදිය අඩංගු කර ඇති හා ඒවා බාගත කර ගැනිමට ඉඩ සලසන වෙබ් අඩවීන් තම සෙවුම් ප්‍රථිපලවලින් පහලට ඇදදැමීමට කටයුතු කරමින් සිටින බව ගූගල් ආයතනය ප්‍රකාශ කරයි.
ඇමරිකානු රජය විසින් මෑතදී ගෙනෙන ලද අනීතික ලෙස උපුටා ගැනීම් වැලක්වීමේ නීතීන් පිලිබදව මීට පෙර ගූගල් ආයතනය නොසලකා සිටින බවක් පෙන්වූ මුත් මෙම නව පියවරයන් තත්වය වෙනස් වී ඇති බව කියා පාන බව විචාරකයන් මත පල කරයි.
අනවසර උපුටා ගැනීම් සහිත වෙබ් අඩවි සෙයුම් ප්‍රථිපලවලින් පහලට යන අතර එම ගොනු සහිත නෛතික මට්ටමේ වෙබ් අඩවි ඉහලට ඒම මෙම සැලැස්ම ඔස්සේ සිදුවනු ඇති බවද ගූගල් ආයතනය වැඩිදුරටත් පවසයි.
මෙලෙස ව්‍යාජ උපුටා ගැනීම් පිලිබදව 2009 වසර පුරාවට තමන් වෙත ලැබුනු පැමිනිලි ප්‍රමානයට සමාන සංඛ්‍යාවක් මෙම වසරේ මුල් මාස 3 තුල තමන් වෙත යොමුවී ඇති බවද ඔවුන් කියා සිටී.

Lanka C News වෙබ් අඩවියෙන්

දැන් ඉතින් පහලටම යන්න වේවි ...  ගූගල් සෙවුම් යන්ත‍්‍රයෙන් .. බාගත කරන්න ..


FaceBook ශ්‍රී ලංකාව තුල තහනම් කළ යුතුද?

“Face Book” ලංකාවේ තහනම අබියස…
ගැහැණු ලමුන්ගේ හා කාන්තවාන්ගේ facebook ගිනුමෙහි ඇති ජායාරූප අනවසරයෙන් වෙනත් අඩවි වල ප්‍රදර්ශණය කිරීම නිසා එයට එරෙහිව කාන්තා හා ළමා කාර්යාංශයට පැමිනිලි විශාල වශයෙන් ලැබී ඇත. මේ වසර මැද වන විටදී එවැනි පැමනිලි 50කට ආසන්න ප්‍රමානයක් කාන්තා හා ළමා කාර්යාංශයට ලැබී ඇත. මෙසේ අනවසරයෙන් උපුටා ගන්න ජායාරූප වෙනත් රටවල වෙබ් අඩවි හරහා ප්‍රදර්ශනය කරන බැවින් මෙයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම අපහසු බව කාන්තා හා ළමා කාර්යාංශය පවසයි. මෙවෙනි හේතුන් හා වෙනත් හේතුන් මත බොහෝ රටවල දැනටමත් facebook තහනම් කර ඇත. මේ වන විට මෙම සමාජ වෙබ් අඩවිය ලංකාවේ තව දුරටත් ක‍්‍රියාත්මක කිරීමට හෝ නොකිරීමට අදාල අවසන් සාකච්ඡ පැවැත්වෙමින් ඇති බවද වාර්තා වෙයි.  (source:www.lankacnews.com)
==================================================
මෙලෙස අන්තර් ජාලයේ පණවන තහනමට චීන ජන රජයේ පරිඝණක විශේෂඥයන් පිරිසකගේ සහාය ලැබී තිබේ. පසුගිය මාස දෙකක කාළය තුළ රජයට, ලාංකික තරුණියන්ගේ Facebook අඩවියෙන් සොරා ගත් පුද්ගලික ඡායාරූප යොදා තනන ලද කාම වෙබ් අඩවි 14 ක් හමු වී තිබෙන අතර, ඒ හා සම්බන්ධ පැමිණිලි 117 ක් ලැබී තිබෙනවා. මෙකී තහනම පිළිබඳව සළකා බැලීම සිදුවී ඇත්තේ ඒ අයුරින්ය.

Why we need to ban FaceBook in Sri Lanka?
FACEBOOK යනු තරුණයකුගේ පුංචි අදහසකින්, තම විශ්වවිද්‍යාලය තුළින් ඇරඹී ලොව පුරා මිලියන 500කට අධික දෙනාගේ ජනාදරයට පත් සොඳුරු නිර්මාණයකි. මෙම නිර්මාණය ලොවට මෙතරම් හානිදායක නම් 2004 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා මෙතරම් සීඝ්‍ර දියුණුවක් ලැබූයේ කෙසේද?
Facebook වලින් කළ හැක්කේ ඡායා රූප පළ කිරීම පමණක් යැයි ඔබ සිතා සිටිනවා වියහැක. නමුත් එය වැරදි වැටහීමකි. නිර්මාණ කරුවෙකුට තමන්ගේ නිර්මාණ ලොවට පළ කිරීමටත් එම නිර්මාණ සඳහා ඇගයීමක් ලබා ගැනීමටත් ඉතා හොඳ තෝතැන්නක් Facebook තුළින් සැපයේ.
කවි කියවන රසවිඳින උසස් මානසිකත්වයකින් යුත් ප්‍රජාවක් Facebook තුළ සිටී. මෙසේ පද්‍ය, ගද්‍ය රචනා කරන, ගී නිර්මාණ,චිත්‍ර/ඡායාරූප නිර්මාණ ඉදිරිපත් කරන සියගණනක් බුද්ධිමත් තරුණ පිරිසක් මම පුද්ගලිකව හඳුනමි. එවන් පිරිසක් සිටීම ලංකාවේ රසඥතාවයේ අනාගතය පිළිබඳ සුබ ලකුණකි. ඒ සියළු දෙනා එකිනෙකාගේ අදහස් වලට ගරුකරමින් ඉතා හොඳ මිතුරු මිතුරියන් සේ බැඳී සිටී. පහත් මානසිකත්වයෙන් යුත් සුළුතරයක් නිසා ගුණගරුක බහුතරයේ අවස්ථාවන් අහුරාලීම සාධාරණද?
කවි ලිවීම එක් අංශයක් පමණයි. මීට අමතරව බොහෝ සමාජ සේවා, ධර්ම ප්‍රචාරණය, රසවින්දනය, වෙළඳ ප්‍රචාරණය, ඡන්ද ප්‍රචාරණ කටයුතු පමණක් නොව තම තමන්ගේ මිතුරු මිතුරියන් එකම තැනකට ගෙන එමින් සාමාජයීය අවශ්‍යතාවන් සපුරාලන මාධ්‍යයක් බවට අද Facebook වෙබ් අඩවිය පත්වී ඇත. (ඔබ කියවන මෙම වෙබ් අඩවියටද පාඨකයින් වැඩි වශයෙන් පැමිනෙන්නේ ෆේස්බුක් හරහාය )
ඉතින් මානසික රෝගීන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතා අහුරාලනු වස් මේ සියළු දෙනාගේ අවශ්‍යතා, අවස්ථා වලට අගුළු ලෑම සාධාරණද?
ඉහත පවසා ඇති ආකාරයේ පහත් ක්‍රියාවන්ද සිදුවන බව මම ‍පෞද්ගලික අත්දැකීමෙන් දනිමි. නමුත් එසේ සිදුවන්නට ඇති ඉඩකඩ සලසා දෙන්නේද අප විසින්ම නොවේද? Facebook තුළ තමන්ට අවශ්‍ය ආකාරයෙන් තම ආරක්ෂාව සලසා ගැනීමට ඕනැතරම් උපක්‍රම (privacy settings) සලසා තිබේ. තමාගේ account එක තුළ පළවන දේ නැරඹිය හැක්කේ කාහටද?, නාඳුනන අයට තමන්ට පණිවුඩ එවිය හැකිද?, නාඳුනන අයට තමන්ට මිතුරුකම් සඳහා ආරාධනා එවිය හැකිද?, තමන්ගේ පුද්ගලික තොරතුරු ප්‍රදර්ශනය කළ යුතුද? යනාදි ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල පරාසයක් ආවරණය වන සැකසුම් මාලාවක් Facebook තුළ තිබේ.
ඉතින් කළයුත්තේ මෙම අවස්ථා ප්‍රයෝජනයට ගැනීම හා ඒ පිළිබඳව දැනුවත් කිරීම මිස Facebook අඩවිය තහනම් කිරීම නොවේ නේද?
මෙහිදී කිවයුත්තක් ඇත. තමන් මිතුරන් ලෙස එකතු කරගන්නා සියළු දෙනා පිළිබඳව වගකීම ඇත්තේ තම තමන්ටය. මන්ද යත් ඔවුන් සියළු දෙනා තම මිතුරු මිතුරියන් බවට අනුමත කරන්නේ තමන්ගේම ඇඟිලි තුඩු වලින් නිසාය. එහිදී තමන් හොඳින් හඳුනන/විශ්වාසවන්ත පිරිස පමණක් මිතුරු මිතුරියන් ලෙස එකතු කර ගැන්මට ඔය කියන කාන්තාවන් සහ ගැහැණු දරුවන් තම සැලකිළිමත් වූවානම්, මේ කිසිවක් සිදු නොවනු ඇත. ඉතින් මේ සුළුතරයේ නොසැළකිළිමත් බවට වන්දි ගෙවිය යුත්තේ ඒ පිළිබඳව සැලකිළිමත්වී ක්‍රියාකරන බහුතරයද?
නමුත් වෙනත් කෙනෙකුගේ නමින් තමන් ගිණුමක් පවත්වන්නේනම් හා ඔහුගේ හෝ ඇයගේ අනුදැනුමකින් තොරව යම් යම් ‍දේ පල කරයිනම් එය පිළිකුළින් යුතුව යෙළා දැකියයුතු අමන ක්‍රියාවකි. වෙන කිසි රටකටත් වඩා උසස් සංස්කෘතියකින් හෙබි මගේ ලංකාව තුළ කාන්තාවක‍ගේ ආත්ම ‍ගෞරවය කිසි ලෙසකින්වත් කෙළෙසී යා දිය නොහැක. වෙන කිසි රටකත් නැති ලෙසට අපි නාඳුනන කාන්තාවකට/පිරිමියකුට වුව අම්මා-තාත්තා,අක්කා-අයියා,නංගී-මල්ලී ලෙස ආදරණිය ආමන්ත්‍රනයක යෙදෙන්න‍නෙමු. කිසියම් දෙයකින් මෙවන් වටිනාකම ගිලිහීයන්නේනම් එය කිසිසේත් අනුමත කළ නොහැක. නමුත් කළයුත්තේ එවැනි දේ අහුරාලන්නේ කෙසේදැයි සාකච්ඡාකිරීම මිස සමස්ත අඩවියම තහනම් කිරීම නොවේ.
ඵලබර ගසක පිළිලයක් හටගත් විට පිළිලය ඉවත් කිරීම වෙනුවට ගස සිඳ දැමීම ඉහ මොළ ඇති කිසිවෙක් අනුමත කරනවාද?
මා පෙර කී පරිදි නමින්ම ඇඟවෙන පරිදි බොහෝදෙනා සිතන්නේ Facebook යනු ඡායාරූප පළ කරන අඩවියක් කියා විය හැකිය. නමුත් අද වන විට එය ‍ලෝකයේ බොහෝ ව්‍යාපාර ආයතන සඳහා ප්‍රධානතම ප්‍රචාරණ මාධ්‍යයක් වී ඇත. බොහෝ ආයතන තම පාරිභෝගිකයා නිතර යන් එන තැනක් ලෙස Facebook අඩවිය හඳුනාගෙන හමාරය. සංවර්ධනය කරා සිඝ්‍ර ගමනක යෙදෙන රටකට යම් ව්‍යාපාරික වටිනාකමක් සහ අවස්ථාවන් සපිරුණු මෙවන් වෙබ් අඩවියක් තහනම් කිරීමට පෙර සිතාබැලිය යුතු බොහෝ කාරණා තිබේ.
Facebook යනු හිරිකිත ගණයේ පහත් අඩවියක් නොවේ. තොරතුරු තාක්ෂණය වෙනුවෙන් දින 365ක් ගෙවීයාමෙන් බොහෝ කලකට පසුව වුවත් මෙවැනි අකටයුතු සයිබර් අපරාධ වැළැක්වීම සඳහා තාක්ෂණික පිළියමක් සෙවීමට මුදල් වියදම් කිරීමට ලෝබනම්,වෙන කිසිම තාක්ෂණික විකල්පයක් සෙවීමට අපොහොසත් නම් Facebook තහනම් කිරීම ගැන මගේ විරුද්ධත්වයක් නැත. නමුත් එය නොහැකියාව ප්‍රදර්ශනය කිරීම මිස විසඳුමක් නොවනු ඇත.
නමුත් ඊට පෙර අපේ පුංචි නංගිලා මල්ලිලා අඳුරට යොමුකරන අසභ්‍ය අඩවි තහනම් කිරීම පිළිබඳව කොන්ද පණ ඇති තීරණයක් ගන්නවානම්, මෙතනට වී (ඉහත අඩවියේ) එකිනෙකාට අවලාද නගමින් ඉන්නවාට වඩා ඒ පිළිබඳව හඬක් නගනවානම්, දැන් සිදුවිය යුත්තේ එය නොවේද?
මේ අනුව විදුලි සංදේශ නියාමන කොමිසමේ අදහස “Facebook පරිහරණය කිරීම මානව අයිතිවාසිකමක්, ඒ නිසා එම වෙබ් අඩවිය තහනම් කිරීම සඳහා පියවර ගැනීමට අපට හැකියාවක් නැහැ.අනෙක් අතට, අපි අඩවිය තහනම් කළොත් අන්තර්ජාලයේ වේගය අඩුවෙනවා,මෙය රටේ තාක්ෂණික අංශය කෙරෙහි බලපානවා”
තහනම් කරනවට වැඩිය, අර දුරකථන ලියාපදිංචි කරනව වගේ රජයෙන් ෆේස්බුක් ඇප්ලිකේෂන් එකක් හදල ලංකාවෙන් ෆේස්බුක් යන හැමෝම ඒ ඇප්ලිකේෂන් එකේ ‍ලියාපදිංචි කරවනව වගේ වැඩකින් මේ වගේ හොර වැඩ අඩු කරන්න පුළුවන් නේද?
විශේෂයෙන්ම කිවයුතු දෙයක් ඇත. රජයෙන් මෙයට විරුද්ධ වුවහොත් කෙනෙකුට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ ඉඩකඩ පවතී. මන්ද අපි ෆේස් බුක් ලියා පදිංචියේදී කොන්දේසි මාලවකට එකඟ වන බැවිනි. ඔවුන් එම නීති රීති හා කොන්දේසි අකුරටම මෙන් පිලිපදියි, අපද එසේ කල යුතුය.
අපගේ සම්ප්‍රදායික විපක්ශය සැම විටම කියන්නා වාගේ මෙය දේශපාලන පළිගැනීමක් බවද විපක්ශයේ සිටින අන්තර්ජාල සොක්කන් විසින් ප්‍රචාරයක් දියත් කර ඇත. නමුත් ඇත්ත කතාවනම් දැන් රජයට අන්තර්ජාල තරුණයින්ගෙන් වැඩි පිරිසක් සිටින බව දක්නට ලැබෙයි. මහින්ද රාජපක්ෂ මහතාගේ සහ සරත් ෆොන්සේකාගේ ෆේස්බුක් පිටු වල සිටින සාමාජිකයින්ගේ වෙනස ඒ බව මොනවට කියාපායි. දින දින මහින්ද මහතාගේ ෆේස්බුක් සාමාජිකයින් වැඩි වන අතර ෆොන්සේකාගේ සාමාජිකයින් අඩු වෙමින් පවතියි. එනිසා මෙම ෆේස්බුක් තහනමට දේශපාලන හේතුවක් නොමැති බවනම් අපට කිව හැක.
Facebook තහනම් කිරීමේ ක්‍රියාමාර්ගය පිටුපස ඇත්තේ ඉස්ලාමික බළල් අතක්ද? මේ වන විට නිල නොවන මට්ටමෙන් ලැබෙන තොරතුරු වලට අනුව මුහම්මද් නබිට අපහාස කළා යැයි කියවෙන පිටු නිසා ඉස්ලාමික රටවල තහනමට ලක් වූ මෙම වෙබ් අඩවිය ලංකාවේ තහනම් කරන ලෙසට රජයට බලපෑම් කරනුයේ මුස්ලිම් පාර්ශ්වයන් බවට සාධාරණ සැකයක් පහළ වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ Facebook අඩවිය තහනම් කරන්නේ නම් රජය දේශයටත්, ආගමටත් පහර දෙන බලවේග වලට නිතරඟ ජයක් ලබා දුන්නා යැයි සිතා ගත්තාට කමක් නැත. රටට, ආගමට පසමිතුරු බලවේග බෙහෙවින් ධනවත් නිසා, ඔවුන්ට තම මතය ප්‍රචාරය කිරීමට වෙනත් වෙබ් අඩවි පවා තනා ගත හැක. එහෙත්, එවැනි ධන්ස්කන්ධයක් නැති රට රකින සයිබර් බලවේගයට ඇති ප්‍රධානම සම්බන්ධීකාරකය. වන්නේ මෙම අඩවියයි. ජනාධිපති තුමනි! සියතින් ගෙළ සිඳ නොගත මැනවි!
:) යම් හෙයකින් කැකිල්ලේ රජ පරපුරේ නෑයන් විසින් Facebook තහනම් කලහොත් පහත දේවල්ද කිරීමට අපි යෝජනා කරමු. සයිබර් අපචාරයන් නතර කිරීමට Facebook තහනම් කිරීමෙන් පසුව මත් පැන් පානයෙන් රට මුදා පිරිමියා සංවර කර ගැනීමට රටේ සියළු පිරිමි දරුවන්ගේ ගිරිය හරහා රත් කළ යකඩ උලක් බැස්සවිය යුතුය. කෙටි ඇඳුම් ඇඳීම වළකා ගැහැණිය සංවර කර ගැනීමට රටේ සියළු ගැහැණු දරුවන්ගේ දෙපා වටොරින් පහළට කපා දැමිය යුතුය. බස් වල සිදුවන හිංසනය වැළකීමට බස් ගමනාගමනය. අත් හිටුවා, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට නැවතීමේ තිත තබනු වස්, නිවැසියන් ඇතුළට දමා ගෙවල් ගිනි තැබිය යුතුය. කපා ගන්නා බැවින් පිහි තහනම් කළ යුතුය. පුලුස්සා ගන්නා බැවින් ගින්දර තහනම් කළ යුතුය. දුරකථන වලින් පරුෂ වචනයෙන් බැනිමින් ඇමතුම් එන නිසා දුරකථනද තහනම් කළ යුතුය. ෆේස්බුක් තහනම් කළද බ්ලොග්ස් වලින් කාම වෙබ් අඩවි පවත්වාගත හැකි බැවින් Blogger.com, WordPress.com, Blog.com වනි බ්ලොග්ස්ද තහනම් කළ යුතුය. ඒවාද තහනම් කළද බොහෝ ෆයිල් ශෙයාරින් වෙබ් අඩවි සහ ඊ මේල් හරහා අසභ්‍ය දේවල් හුවමාරු කරගත හැකි බැවින් සම්පූර්ණ අන්තර් ජාලයම තහනම් කළ යුතුය :)
කිසිම දෙයක් කිසිම ලෙසකින් වාරණය කිරීම ප්‍රායෝගික නැත. ඒ වෙනුවට දැනුම හා අධ්‍යපනය දියුනු කිරීම කලයුතුය. සංවාද ගොඩනැගීම කලයුතුය. කලාකාමී සොයුරු සොයුරිය, සමාජය තුල සංවාද ගොඩනැගීමට ඔබ සතු හැකියාව ප්‍රයෝජනයට ගන්න. එවිට අද අපි විඳින දුක් මතු දින මෙලොව වසන වුන් හට උරුම නොවනු ඇත.

මෙය ලබා ගත්තේ ඔබට වැදගත් ‍යැයි සිතූ නිසාත් හොද පුවතක් වූ නිසාත්  (http://thesinhala.com)
............................................................................................................................................................


මෙය කිව යුතුයී අපේ රටේ facebook තහනම් උනත් තව කොයිතරම් මේ වැනි වෙබ් අඩවි ලෝකය තුල පවතින්නේ ද? මේ ක්‍රියාව හරියට තේ හැන්දෙන් මුහුදේ වතුර ඉවත් කරනවා වගේ දෙයක් නොවේ ද?

Friday, September 7, 2012

ඔන්න ඔය පාර අලුත්ම තාක්ශනික පුවත් මෙකෙන් බලන්න පුලුවන් හොදේ.........